විදෙස්
කොංගෝ හි මන්කිපොක්ස් වැළඳී මිය ගිය ගණන ඉහළට

මන්කිපොක්ස් හෙවත් වඳුරු උණ වැළඳීමෙන් කොංගෝ ජනරජයේ සිදුවූ මරණ සංඛ්‍යාව 548 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ආසාදිතයින්ගේ සංඛ්‍යාව ද 15,664 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් බොහෝ පිරිසක් ප්‍රතිකාර ගැනීම වෙනුවට රෝග සුවවීම සඳහා යාඥා කිරීමට පල්ලි වෙත යාමෙන් රෝගය පැතිරීම ඉහළ ගොස් ඇති බවයි එරට සෞඛ්‍ය අංශ පවසන්නේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් එයට සෞඛ්‍ය අංශ පවසා ඇත්තේ මෙවැනි අදහසක් :
”ඇතැම් වැඩිහිටියන් රෝගය සඳහා ප්‍රතිකාර ලබාගන්නවා වෙනුවට යාඥාවන් සඳහා පල්ලි වෙතට යොමුවෙනවා. අවසානයේදී ඔවුන් රෝහල්ගත වන විට රෝගය ඉතා උත්සන්න වෙලා. මෙන්න මේ හේතුව නිසා තමයි මරණ සංඛ්‍යාව ඉහළ යන්නේ.”