දේශීය

මහ බැංකු අධිපතිට කැඳවීමක්

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් අද (24) රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවා ඇත.

වත්මන් ආර්ථික අර්බුදය සහ ඒ සඳහා ඇති විසදුම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පෙරවරු 10.00 ට මෙම පිරිසට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බවය.

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ සභාපතීත්වයෙන් යුත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගියදා රැස් වූ අවස්ථාවේ මහ බැංකු අධිපතිවරයා ඇතුළු පිරිස කැඳවීමට තීරණය කර තිබුණි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button