දේශීය

හැමදාම අරගල කරන්න බැහැ – 43 වන සේනාංකය

පවත්නා අර්බුදකාරී තත්ත්වය මත සෑමදාම අරගල කල නොහැකි බවත් අර්බුදයට විසදුම් සෙවිය යුතු බවත් 43 වන සේනාංකයේ කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකාරක තුෂාර වීරරත්න මහතා පවසනවා.

ඒ 43 සේනාංක තරුණ අංශය මගින් ‘අර්බුදය තුළ තාරුණ්‍යයේ අනාගතය කොයිබටද?’ යන්න පිළිබඳව සාකච්ජා කිරීම සඳහා පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාව අමතමින්.

“අද අවාසනාවන්ත තත්වයක් අපි දකිනවා. ස්වාමීන් වහන්සේ නමක්, බෞද්ධ දර්ශනය තුළ තියෙන යම් කාරණයක් උපුටා දක්වමින්, ධර්ම දේශනයක් කරහම ඒක ප්‍රශ්න කරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. ඒ නිසා අපි බොහොම ගෞරවයෙන් ඉල්ලනවා, තමන්ට හිතට දැනෙන පීඩනය මුහුණු පොතේ සටහනක් තැබුවා කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ තරුණයෙක්, තරුණියක් පසුපස හඹා යාමෙන් මේ ප්‍රශ්නය විසඳන්න බැහැ. මේ ප්‍රශ්නය විසඳන්න නම් ස්ථිරසාර විසඳුම් ඕන.ඇත්ත ආර්ථික හා දේශපාලන අර්බුදයක් තියෙනවා. අර්බුදය සඳහා කඩිනම් විසඳුම් සෙවීම බලධාරීන්ගේ යුතුකමක්, වගකීමක් වෙනවා. විසිඑක්වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව මධ්‍යයේ අපි දකිනවා, යම් කණ්ඩායමක් ඒකට බාධා කරනවා. එතකොට, තරුණ තරුණියන් උත්සාහ කරනවා, විසිඑක්වෙනි සංශෝධනයෙන් මේ රටේ සියලු ප්‍රශ්න විසදෙන්නේ නෑ. හැබැයි මේ පවතින තත්වය ඇතුලේ යම් විසඳුමක් ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ කාරණයේදී යම් පිරිසක් උත්සහ කරනවා නම් ඒකට බාධා කරන්න, කඩාකප්පල් කරන්න. එතකොට තරුණ තරුණියන් මැදිහත් වෙලා ඒ වෙනුවෙන් අරගල කරනවා.

ඒ නිසා අපි  තරුණයින් විදිහට ඉල්ලන්නේ හැමදාම අරගල කරන්න බෑ. අර්බුධයට විසඳුමක් අවශ්‍යයි. ඒ විසඳුම වෙනුවෙන් අපි අපේ දායකත්වය ලබා දෙනවා විවිධ මට්ටමින්. මේ පවතින ආර්ථික අර්බුදය කඩිනමින් විසඳාගෙන දේශපාලන අර්බුදය ජයග්‍රහණය කරගෙන, රටක් විදිහට අපිට ඉස්සරහට යන්න අවශ්‍ය වාතාවරණය ඇති කරලා දෙන්න කියලා අපි ඉල්ලන්නේ. ඒ නිසා අපි නැවත නැවත කියනවා තරුණ තරුණියන් ප්‍රජාතන්ත්‍රවාදිව කරන මේ අරගලයට බාධා පමුණුවන්න එපා. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය තුළ කරන යම් යම් බාධා කිරීම් නතර කරලා ඔවුන්ගේ හඬට සවන් දීලා සාමූහිකව පොදු තීන්දු තීරණවලට ඇවිල්ලා මේ ප්‍රශ්නයෙන් ගොඩ එන්න විසඳුමකට ප්‍රවේශයක් ලබා ගන්න කියන එක තමයි බලධාරීන්ගෙන් අපිට ඉල්ලන්න තියෙන්නේ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button