දේශීය

පාඨලී සජබයෙන් ඉවත්වී ස්වාධීන වෙයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (08) දින පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකළේය.

එහිදී ඔහු සඳහන් කළේ, තමා අද සිට විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරන බවය.

තමා ඒ බව සජිත් ප්‍රේමදාස මහතාට ලිඛිත දැනුම්දුන් බවද මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

තව ද තමාට මෙම ආණ්ඩුවේ කිසිදු අමාත්‍ය ධූරයක් ලබා ගැනීමට කිසිදු අදහසක් නැති බවත් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී කියා සිටියා.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button