දේශීය
යූරියා පොහොර මිටියක් රුපියල් 10,000කට ගන්න අවස්ථාවක්
ඉන්දීය රජය විසින් ලබා දෙන යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000 ලබන මස පළමු සති දෙක තුළ මෙරටට ලැබීමට නියමිත බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
එම පොහොර තොගය ඉන්දියාවේ අවශ්‍යතා සඳහා ඕමානයෙන් ආනයනය කර ඇති අතර මෙරට ගොවීන් මුහුණ දෙන පොහොර හිඟය සළකා බලා එම යුරියා පොහොර තොගය මෙරටට ලබාදීමට තීරණ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ ය.
පොහොර තොගය ලැබුණු වහාම ඒවා බෙදා හැරීමේ කටයුතු දින දෙක තුනක් තුළ සිදු කෙරෙනු ඇති.
ඒ අනුව යුරියා පොහොර මිටියක් රුපියල් 10,000 ක මුදලකට යල කන්නයේ වී වගා කරන ගොවීන්ට ලබාදීමට කටයුතු යොදා ඇත.