විදෙස්
නයිජීරියාවේ ඉන්ධන බවුසර් අනතුරක් – 48ක් මරුට

නයිජීරියාවේ, නයිජර් ප්‍රාන්තයේ සිදුවූ මාර්ග අනතුරකින් 48 දෙනෙක් ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මගීන් ප්‍රවාහන ලොරි රථයක් ඉන්ධන බවුසරයක ගැටීමෙන්එම අනතුර සිදුවී ඇති බවයි වාර්තාවන්නේ.
අනතුරින් පසුව වාහන දෙකම ගිනිගෙන පුපුරාගොස් තිබුණා.
මාර්ගයේ ගමන්කරමින් තිබූ තවත් වාහන කිහිපයකට ද ඉන් හානි වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා.