දේශීය

අපේක්ෂකයින් 35 දෙනෙකුගේ ඇප මුදල් ගැන තීරණයක්

ජනාධිපති අපේක්ෂකයින් 35 දෙනෙකුගේ ඇප මුදල් රාජසන්තක වන බව මැතිවරණ කොමිසම පවසනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, 12.5% ඉක්ම වූ ඡන්ද ප්‍රතිශතයක් ලබා නොගැනීම හේතුවෙන් ඇප මුදල් රාජසන්තක වන බවයි.

2024 ජනාධිපතිවරණයේ ප්‍රකාශිත සමස්ත ඡන්ද ප්‍රතිශතය 79% කට අධිකයි.

2019 වසරේ ප්‍රකාශිත ප්‍රතිශතය 83%ක් ලෙස පැවති බව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය සලකුණු කර නොමැති පිරිස ලක්ෂ 35 කට අධිකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button