දේශීය

තැපැල් සේවකයින්ගේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය නිසා මධ්‍යම තැපැල් හුවමාරුව අමාරුවේ වැටෙයි

තැපැල් සේවකයින් ආරම්භ කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් මේ වන විට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ විදේශ අංශයේ තැපැල් මලු 400 කට ආසාන්න ප්‍රමාණය ගොඩ ගැසී ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ, ඒ හේතුවෙන් රුපියල් කෝටි 2 කට අධික ආදායමක් තැපැල් දොපර්තමේන්තුවට අහිමි වී ඇති බවයි.

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත තැපැල් සේවකයින් තවදුරටත් සේවයට වාර්තා නොකළ හොත් සේවය හැර ගියා සේ සලකන බව ද තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

කෙසේ වෙතත්, ඉන්ධන අර්බුදය හේතුවෙන් මේ වන විට තැපැල් සේවා ක්‍රියාත්මක වන්නේ අඟහරුවාදා, බදාදා සහ බ්‍රහ්සපතින්දා යන දින 3 තුළ පමණයි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button