ක්‍රීඩා

කමිඳුගෙන් විශිෂ්ට ශතකයක්

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවැනි දිනය වූ අද (27) සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 05වැනි ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරු කමිඳු මෙන්ඩිස් සමත් වුණා.

ඒ පන්දු 147කදී හතරේ පහරවල් 12ක් සමඟ ලකුණු 100ක් රැස් කරමින්.

මේ වන විට කමිඳු මෙන්ඩිස් ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්හී 16 වැනි ස්ථානයේ පසුවෙනවා.

නවසීලන්තය සමග තරග දෙකකින් යුතු ටෙස්ට් තරගාවලියෙ පළමු තරගයේදීද ශතකයක් ලබා ගැනීමට ද ඔහු සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට පන්දුවාර 124.4ක් ක්‍රීඩාකර කඩුලු 5ක් දැවී ලකුණු 416ක් රැස්කරගෙන සිටිනවා.

කමිඳු සමගින් 06වන කඩුල්ලට ලකුණු 14ක සබඳතාවක් ගොඩනගා සිටින කුසල් මෙන්ඩිස් ලකුණු 07ක් රැස්කරගෙන සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button