දේශීය

කොළඹ සමූහ මිනීවළේ කැණීම් නැවත අරඹයි

කොළඹින් හමුවූ සමූහ මිනීවළේ දෙවන අදියරේ කැණීම් ආරම්භ කර තිබෙනවා.

කොළඹ වරායෙන් මෙලෙස සමූහ මිනීවළක් හමුවූ අතර එහි දෙවන අදියරේ කැණීම් කටයුතු අද (27) ආරම්භ කෙරුණා.

මහාචාර්ය රාජ් සෝමදේව මහතා ඇතුළු පිරිසක් මෙහි කැණීම් භාරව කටයුතු කරනු ලබනවා.

කොළඹ වාණිජ අගනගරයේ අධි ආරක්ෂිත කලාපයකින් ජුලි මස 13 වැනිදා මිනිස් අස්ථි කොටස් සහිත තවත් සමූහ මිනිවළක් කොළඹ වරායේ පැරණි ලේකම් කාර්යාලය පරිශ්‍රයෙන් මතුව තිබෙන බවට බීබීසි සිංහල පුවත් සේවය වාර්තා කර තිබුණා.

බීබීසි සිංහල පුවත් සේවය වාර්තා කළේ, ඒ ඉඟුරු කඩේ මංසන්ධියේ කොළඹ වරාය දක්වා දිවෙන අලුතින් කුලුණු මතින් ඉදිවෙන අධිවේගි මාර්ගයේ ඉදිකිරිම් කටයුතු සඳහා පොළොව හාරමින් සිටින අතරතුරදීයි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button