දේශීය

ගෑස් සිලින්ඩරයෙන් එන නිමල් සිරිපාල

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල පාර්ශ්වය විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

ඒ එළඹෙන මහ මැතිවරණය සඳහා එම පිරිස ගෑස් සිලින්ඩරය ලකුණින් තරඟ කිරීමටයි.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු පිරිසක් මෙලෙස මහා මැතිවරණයට ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදීමට නියමිතයි.

කෙසේවෙතත් එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය සහ මධ්‍යම කාරක සභාව  ඒකමතිකව  ගත් තීරණයක්  අනුව  එම පියවර ගත් බවයි නිමල් සිරිපාද සිල්වා මහතා පවසන්නේ.

නමුත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණවලදී පුටුව  ලකුණ  අයත් පොදු ජන එක්සත් පෙරමුණ යටතේ තර්ක කරන බවද ඔහු පවසනවා.

පක්ෂ මූලස්ථානයේ ඊයේ (04) සවස පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නිමල් සිරිපාල්ද සිල්වා මහතා මේ බව සඳහන් කළා.

2024 පාර්ලිමේන්තු මැතිවරණය එළැඹෙන නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button