දේශීය

පොල්තෙල් කියලා විෂ තෙල් වර්ගයක් ආනයනය කරලා

පොල්තෙල් බව පවසමින් විෂ තෙල් වර්ගයක් ආනයනය කර විකිණීමට කටයුතු කර ඇති බව සමස්ථ ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමයේ ප්‍රධාන කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, අද (05) පැවති මාධ්‍ය හමුවකදීයි.

මේ වන විට කිලෝ ග්‍රෑම් මිලියන 80000කට වඩා වැඩි කෘත්‍රිම තෙල් ප්‍රමාණයක් පොල්තල් යැයි පවසමින් ආනයනය කර තිබෙන බවයි ඔහු පවසන්නේ.

මෙම තෙල් ආනයනය කිරීමට ආනයනකරුවන් විසින් ඩොලර් මිලියන 110කට වඩා වැඩි ප්‍රමාණයක් වියදම් කර ඇති බවද ඔහු පෙන්වාදෙනවා.

බුද්ධික ද සිල්වා මහතා පවසන්නේ, එම තෙල් මෙරටට ආනයනයකර ස්වභාවික තෙල් යැයි පවසමින් සමාජගත කරන බවයි.

එවැනි තෙල් භාවිතාව නිසා පිළිකා සහ අක්මා රෝග බහුල වශයෙන් වත්මන් සමාජය තුළ දක්නට ලැබෙන බව ඔහු පෙන්වා දෙනවා,

ආනයනය කරන ලද එම තෙල් තොගය මෙරටට ගෙන්වීමේදී පිළිපැදිය යුතු නීති උල්ලංඝනය කර ඇති බව ඔහු සදහන් කළා.

එමෙන්ම ඔහු පෙන්වාදෙන්නේ, එම ආනයනික පොල්තෙල් හි දැඩි ලෙස ඇෆ්ලටොක්සින් ප්‍රමාණයක් අන්තර්ගත විය හැකි බවයි.

මේ පිළිබඳව වත්මන් රජයේ අවධානය යොමු කර නිසි නීති රීති ක්‍රියාත්මක කරන ලෙස මාධ්‍ය හමුවට එක්වෙමින් බුද්ධිකද සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button