දේශීය

වතුර බෝතල්වලටත් පාලන මිලක්

දැනට වෙළඳපොලේ රුපියල් 100කට අලෙවි කරන මිලිලීටර 500යේ ජල බෝතලයක් රුපියල් 70කට ලබා දිය හැකි බව මධ්‍යම පළාත් ස්වභාවික ඛනිජ ජලය නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

ජාවාරම්කරුවන් හේතුවෙන් ජල බෝතල් විවිධ මිල ගණන් වලට රට පුරා අලෙවි වන බවයි ඔවුන් පවසන්නේ.

අද (05) මහනුවර පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව කියා සිටියා.

ඒ අනුව වහාම පානීය ජල බෝතල් සදහා පාලන මිලක් පැනවිය යුතු බව එම සංගමයේ කැඳවුම්කරු සපුමල් කුමාර මහතා පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button