දේශීය

ගෙදර ගිය 225හේ වත්කම් ප්‍රකාශ නැවත කැඳවයි

වත්කම් බැරකම් ප්‍රකාශ නැවත භාර දෙන ලෙස  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දීතිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225ම  පාර්ලිමේන්තුව විසුරුවා හැර  සති දෙකක් ඇතුළත වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාරදිය යුතු බවට  නව දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ  පැහැදිලිව සඳහන් වන බවයි  කොමිසමේ ප්‍රකාශකයෙක් පවසන්නේ.

මේ අනුව හිටපු මන්ත්‍රීවරුන් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීම දැනටමත්  ආරම්භ කර ඇති බවයි වාර්තාවන්නේ.

සාමාන්‍යයෙන් මන්ත්‍රීවරයකු එම ධූරයේ සිටියදී සෑම වර්ෂයකම මාර්තු 31 වැනිදාට පෙර සිය වත්කම් බැරකම් ප්‍රකාශ කතානායකවරයාට බාරදීම කළ යුතු වනවා.

ඒ අනුව මන්ත්‍රීවරුන් සියලු දෙනා මේ වර්ෂයේ වත්කම් බැරකම් ප්‍රකාශ  නියමිත පරිදි  මීට කලින්  බාරදී අවසන්ව තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button