දේශීය

බූස්ස බන්ධනාගාරයෙන් මත්ද්‍රව්‍ය සොයාගෙන

බූස්ස බන්ධනාගාර තුල සිදු කල වැටලීම් දෙකකදී අයිස් මත්ද්‍රව්‍ය සහ දුරකථන දෙකක් ඇතුළු දුරකථන උපාංග කිහිපයක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා.

එහි දී බන්ධනගාරයේ පැරණි අංශයේ D කොටසේ සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 04 මිලි ග්‍රෑම් 300, ජංගම දුරකථන 01 ක් සහ දුරකථන උපාංග කීපයක්ද විශේෂ කාර්ය බලකාය සොයාගෙන තිබෙනවා.

පසුව කළ සෝදිසියකදී   බන්ධනාගාරයේ  අංක 03 මුරපොළ අසලදී රැදවියකු විසින් පුවත්පතක් තුල සූක්ෂම සඟවාගෙන බන්ධනාගාරයට තුලට රැගෙන යමින් සිටි දුරකථනයක් මුරපොලේ රාජකාරී යෙදී සිටි නිලධාරියෙකු විසින් සොයා ගනු ලැබුවා.

විශේෂ කාර්ය බලකාය බූස්ස බන්ධනාගාර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button