දේශීය

සැකකටයුතු ලෙස නවතා තිබූ මෝටර් රථයක් මහරගමින් හමුවෙලා

මහරගම, පමුණුව පරණ පාරේ රෙදිපිළි වෙළඳසැලක් ඉදිරිපිට හිමිකරුවෙක් නොමැතිව දමා ගොස් තිබිය දී අද (26) උදෑසන මෝටර් රථයක් සොයාගෙන තිබෙනවා.

මානව හිමිකම් සංවිධානයකට අයත් ස්ටිකරයක් ඉදිරිපස වීදුරුවේ අලවන ලද ඛෛඇ වර්ගයේ නිල් පැහැති මෝටර් රථයක් මෙලෙස සොයාගෙන ඇති බව වාර්තා වනවා.

පොලිසිය සඳහන් කළේ, මහරගම වෙළඳ සංගමයේ සාමාජිකයන් මහරගම පොලිසියට කළ දැනුම්දීමක මත මෙම රථය සොයාගෙන ඇති අතර, එහි අනතුරට ලක්වූ ස්ථාන කිහිපයක්ම නිරීක්ෂණය වූ බවයි.

වාහනය අසල හිස් මත්පැන් බෝතල් කීපයක් දක්නට ලැබෙන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button