දේශීය

ඇල්පිටිය ඡන්දෙ ප්‍රතිඵල දෙන්නේ මෙහෙමයි

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ කටයුතු අද (26) පස්වරු 4.00ට අවසන් කෙරුණා.

ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ඩබ්ලිව්.ඒ. ධර්මසිරි මහතා සඳහන් කළේ අදාළ ඡන්ද මධ්‍යස්ථානවලදීම ඡන්දය ගණනය කිරීම් සිදුකෙරෙන බවයි.

එමෙන්ම ඡන්ද විමසීමේ කටයුතු ඉතා සාමකාමී තත්ත්වයක් තුළ පැවති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ඩබ්ලිව්.ඒ. ධර්මසිරි මහතා,

“අද පස්වරු 3 පමණ වනවිට නියමිත ඡන්ද ප්‍රමාණයෙන් ඡන්ද 51%ක ප්‍රමාණයක් ඡන්දය භාවිත කර තිබුණා. අද පස්වරු 4:30ට පමණ ඒ ඒ ඡන්ද පොළේදීම ඡන්දය ගණනය කිරීමේ කටයුතු ආරම්භ කෙරෙනවා.”

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ, එම ගණන් කිරීමෙන් පසු ගාල්ල තේරීම් භාර නිලධාරියාට එම ප්‍රතිඵල ලබා දෙන බවත් ඉන් පසු තේරී පත්වන සභිකයින් සංඛ්‍යාව සහ එක් එක් දේශපාලක පක්ෂ ලබාගත් ඡන්ද සංඛ්‍යාව නිවේදනය කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button