දේශීය

තැපැල් ඡන්ද කටයුතු සාමකාමියි – සමන් ශ්‍රී රත්නායක

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය අද (30) දින පැවැති අතර එය සාමකාමී අයුරින් පැවැති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.

එමෙන්ම ඉදිරි මැතිවරණ කාලයේදීද සාමකාමී වාතාවරණයක් පවත්වන්නැයි සියළු අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටින බවයි ඔහු කියා සිටියේ.

මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා අද පැවැති මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ අද පැවැති තැපැල් ඡන්දය සාමකාමිව පැවැති බවයි.

පාර්ලිමේන්තු මැතිවරණය කැඳ වු දිනයේ සිට ඉතා සාමකාමී මට්ටමක පැවැති බව ඔහු කියා සිටියා.

ඇතැම් ප්‍රදේශවල පොස්ටර් හා දැන්වීම් පළ කර තිබු බව වාර්තා වු බවත් එම දැන්වීම් ඉවත් කරන ලෙස පොලිසියෙන් ඉල්ලා සිටින බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව 737,902 ක්.

දිවයිනේ පිහිටි සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාල , පොලිස් ස්ථාන හා පොලිස් දෙපාර්තමේන්තුවට අයත් සියලුම කාර්යාලවල අද දිනයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු සිදු කෙරෙනවා.

අද දිනයට අමතරව නොවැම්බර් මස පළමුවැනිදා සහ 04 වැනිදාද රාජ්‍ය සේවකයින්ට තැපැල් ඡන්දය ප්‍රකාශ කළ හැකියි.

මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ එම දින දෙකේදී ත්‍රිවිධ හමුදා කඳවුරුවල සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්ද සලකුණු කළ හැකි බවයි.

මෙම දින තුනෙහිම තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද දායකයින්ට නොවැම්බර් මස 07වැනිදා සහ 08වැනිදා තම සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී තැපැල් ඡන්දය සලකුණු කළ හැකියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button