දේශීය

කෑම මිල අඩු කිරීම අද නොවෙයි හෙට

ගෑස් මිළ සංශෝධනය අද පස්වරුව තෙක් කල් යාම හමුවේ සිය ආහාර පාන මිළ ගණන් අඩු කෙරෙන අගයන් ප්‍රකාශයට පත් කිරීම හෙට දිනය කල් දැමීමට ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

කෙසේවෙතත්, අනිවාර්යයෙන් මිළ අඩු කිරීමක් සිදුකරන බවයි සංගමයේ සභාපති අසේල සම්පත් පවසන්නේ.

මේ අතර, ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් කිව් ආර් කේතය ලබාගැනීම සඳහා නව ලියාපදිංචි කිරීම් සඳහා යළිත් අවස්ථාව ලබාදී තිබෙනවා.

පසුගිය පැය 48 පුරා නව ලියාපදිංචි කිරීම් සඳහා අවස්ථාව හිමිවූයේ නැහැ. ඒ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙනුයි.

මේ වනවිට එය අවසන් කර ඇති බවයි ජාතික තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනය සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button