දේශීය

වී හා සහල් ගැන වෙළෙඳ අමාත්‍යාංශයට වාර්තාවක්

දිස්ත්‍රික්ක පහක වී හා සහල් තොග පිළිබඳ වාර්තාවක් වෙළෙඳ අමාත්‍යාංශයට භාරදුන් බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා.

ඊට අම්පාර, අනුරාධපුර පොළොන්නරුව ඇතුළු දිස්ත්‍රික්ක පහක වී හා සහල් තොග පිළිබඳ දත්ත ඇතුළත්.

කෙසේවෙතත් වෙළෙඳ අමාත්‍යාංශය දැනුම් දී ඇත්තේ, සෙසු දිස්ත්‍රික්කවල පවතින වී හා සහල් තොග පිළිබඳ වාර්තා ලබා ගත යුතු බවයි.

ඒ අනුව එම දිස්ත්‍රික්කවල වී හා සහල් තොග ගණනය කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

ඒ සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් අනියුක්ත කර ඇති බව එම අධිකාරිය පැවසුවා.

මේ අතර පාලන මිලට වැඩියෙන් සහල් අලෙවි කරන ස්ථාන සොයා වැටලීම් අඛණ්ඩව ක්‍රියාත්මක බව වෙළෙඳ අමාත්‍යාංශය ප්‍රකාශ කළා. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button