දේශීය

ආහාර විෂ වීමකින් පාසල් සිසුන් පිරිසක් රෝහලට

අරණායක ප්‍රදේශයේ පාසලක සිසු සිසුවියන් පිරිසක් ආහාර විෂ වීමකින් රෝහල් ගතකර තිබෙනවා.

අදාල පාසලේ 06 වැනි වසරේ ඉගනුම ලබන සිසුන්ට අද (01) දිවා ආහාරය සඳහා ලබාදුන් කඩල ආහාරයට ගැනිමෙන් අනතුරුව සිසුන් 13ක් දෙනකු හදිසියේ රෝගි වූ බවයි පැවසෙන්නේ.

එම පිරිස අරණායක දිසාරෝහල ට ඇතුලත් කර ඇති බව රෝහල්ආරංචි මාර්ග සඳහන් කළා.

හදිසියේම රෝගී වූ පිරිස අතර සිසුවියන් 12ක් හා එක් සිසුවකු සිටින බව සඳහන්.

මෙම පාසලේ සෑම සිකුරාදා දිනකම සිසුන් ගේ මව්පියන් විසින් නිවාසවල පිළියෙල කරන ලද පෝෂ්‍යදායි ආහර වේලක් ලබාදෙන බව පැවසෙනවා.

සෑම සිකුරාදා දිනකම සිසුන්ගේ මව්පියන් විසින් නිවාස වලින් පිලියෙල කරගෙන  එන පෝෂ්‍යදායි ආහරවේලක් ලබාදෙන අතර,  අද දිනයේ කඩල ලබාදි ඇතිබවත් ඉන් පසු සිසුන් 13 දෙනකුට එක් වරම බඩ රිදීම වමනය යෑම නිසා රෝහල් ගත කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button