Uncategorized

අරගලකරුවන් රනිල්ගේ කාර් එකට මිලියන 191 ක අලාභයක් කරලා..!

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමෙන් රුපියල් මිලියන 205ක අලාභයක් සිදුව ඇති බවට තක්සේරු කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව දැනුම් දුන්නේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ හමුවේ ඊට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී නිවසට ගිනි තැබීමෙන් රුපියල් මිලියන 14 ක අලාභයක් සහ ජනාධිපතිවරයාගේ මෝටර් රථයට ගිනි තැබීමෙන් රුපියල් මිලියන 191 ක අලාභයක් සිදුව ඇති බවට තක්සේරු කර ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ.

මේ අතර, නිවසට ගිනි තැබීමේ සිද්ධියට අදාලව දැනට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 5 දෙනෙකු මේ මස 24 වනදා දක්වා තවදුරටත් බන්ධනාගාර ගත කර තිබෙනවා.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button