දේශීය

කඳුකර කොටියාගේ මරණයට හේතුව .

හැටන්, සමර්හිල් වතු යායේ තේ වත්තක දී මන්දකට හසු වී ගසක් මත සිරව සිටි කඳුකර කොටියාගේ මරණය සම්බන්ධව පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ අවසන් වාර්තාව වනජීවි හා වනසංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාට මේ වනවිට භාරදී ඇත.

ඒ අනුව අගෝස්තු 7 වනදා මරණයට පත් වූ කඳුකර කොටියා සම්බන්ධව පත් කළ කමිටුවේ අවසන් වාර්තාවෙහි සඳහන් ව ඇත්තේ, කොටියා කම්බියකින් සැකසූ මද්දට හසුවී උස ගසක පහතට පැය ගණනක් තිස්සේ එල්ලී සිටීම හේතුවෙන් සිරුර අභ්‍යන්තරයේ ඉන්ද්‍රියයන්ට සිදුවූ හානිය නිසා මරණයට පත් වූ බවත් ගසට යටවී නොමැති බවත් සිදුකළ විමර්ශනවල දී අනාවරණය වූ බවය.

කෙසේ වුවද කොටියා බේරාගැනීම සඳහා ගස කපා දැමීම අනුමත නොකරන බවත්, මෙවැනි දුෂ්කර ස්ථානයක අනතුරට ලක්ව සිටින සතෙකුගේ ජීවිතය ‌බේරා ගැනීම සඳහා අවම පහසුකම් යටතේ අන් විකල්පයක් නොමැති බවත්, එහෙත් දුෂ්කරතා රැසක් මධ්‍යයයේ කොටියාගේ ජීවිතය බේරා ගැනීමට අදාළ නිලධාරින් උත්සාහ දරා ඇති බවත් අදාළ නිලධාරින්ට තරයේ අවවාද කළ යුතු බවත් කමිටුව සඳහන්ය.

කඳුකර කොටියාගේ මරණය සම්බන්ධව විමර්ශනය කළ කමිටුව විසින් කඳුකර කොටිගහණය ආරක්ෂා කර ගැනීම සම්බන්ධව නිර්දේශ 25ක් එම වාර්තාව මගින් ඉදිරිපත් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button