දේශීය

ජල බිල්පතට ප්‍රමාද ගාස්තුවක්.

මාස තුනකට වඩා ජල බිල්පත් ගෙවීම පැහැර හරින රාජ්‍ය ආයතනවලින්, 2.5% ප්‍රමාද ගාස්තුවක් අය කිරීමට ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය තීරණය කර තිබෙනවා.

එමෙන්ම ඉදිරියේදී ඇති කරගන්නා එකඟතා අනුව, මාස දෙකකට වඩා වැඩි කාලයක් ජල බිල්පත් නොගෙවා පැහැර හරින මන්ත්‍රී නිල නිවාසවල ජල සැපයුම විසන්ධි කිරීමට ද උපදෙස් දී ඇතැයි, ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පියල් පද්මනාත මහතා පැවසුවා.

මේ වන විටත් ජල බිල්පත් ගෙවීම පැහැර හැර ඇති මන්ත්‍රිවරුන්ගෙන් එම හිඟ මුදල් අය කර ගැනීම පිළිබඳව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා, කතානායකවරයා වෙත ලිඛිතව දැනුම්දී ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button