දේශීය

ආර්ථික අර්බුදයෙන් දැඩිව පීඩාවට පත් පවුල් සඳහා සහන -ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා

වත්මන් ආර්ථික අර්බුදයෙන් දැඩිව පීඩාවට පත් පවුල් සඳහා සහන සැලසීමේ වැඩසටන් ක්‍රියාත්මක බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2022 අතුරු අයවැය ඉදිරිපත් කරමින් පැවසනවා.

ඒ අනුව ජනාධිපතිවරයා කියා සිටියේ, “ආර්ථීක අර්බුදයේ බලපෑම අවම කිරීම සහ සමාජ ස්ථාවර භාවය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා ලෝක බැංකු ණය යටතේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් බිලියන 133ක් වෙන් කර තිබෙනවා.”

“ඒ හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයින් මිලියන 3.2ක සඳහා කඩිනමින් සහාන සැලසීමේ අවශ්‍යතාවය මත මා විසින් මෙම අයවැය ඉදිරිපත් කිරීමට පෙර මා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පරිපූරක ඇස්තමේන්තුව මගින් ඒ සඳහා අනුමැතිය ලබාගැනීමට කටයුතු කරනවා.”

“දැනට සමෘද්ධි සහනාධාර ලබන මිලියන 1.7ක් පමණ සඳහා මාසික සමෘද්ධි සහනාධාරය රුපියල් 5,000ත් 7,500 අතර වන ලෙස ප්‍රමාණයකින් වැඩිකර ලබාදෙනවා.ඊට අමතරව සමෘද්ධි ලබාගැනීමේ අපේක්ෂාවෙන් පොරොත්තු ලේඛණයේ සිටින 726,000ක් සඳහා මසකට රුපියල් 5,000ක තාවකාලික දීමනාවක් ලබාදීමට කටයුතු කළා.”

“එමෙන්ම ආධාර ලබන වැඩිහිටි, ආබාධිත, වකුගඩු රෝගීන් සඳහා ගෙවනු ලබන දීමනාව මසකට රුපියල් 5,000 සිට රුපියල් 7,500 අතර ප්‍රමාණයකින් වැඩිකර ගෙවීමට කටයුතු කළා.ගර්භණී කාන්තාවන් සඳහා දැනට ලබාදෙන රුපියල් 20,000ක දීමනාවට අමතරව රුපියල් 2,500ක මාසික අතිරේක දීමනාවක් ලබාදීමටත් මම යෝජනා කරනවා.”

“ඉතා ඉක්මණින් සහන සැලසිය යුතු පවුල් 61,000ක් වාර්තාවී තිබෙනවා. එවැනි එක් පවුලකට ඉදිරි මාස 04 සඳහා මාසිකව රුපියල් 10,000ක් බැගින් ලබාදීමට මා කටයුතු කරනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button