දේශීය

පළාත්පාලන මැතිවරණ ගැසට් පත්‍රය නොවැම්බර් මසට පෙර

පළාත්පාලන ආයතනවල කාලය ලබන වසරේ මාර්තු 20 වනදායින් අවසන්වීමට නියමිත හෙයින් ඡන්ද නාමලේඛනයට අත්සන් තැබීම ඔක්තෝම්බර් මස 30 වනදාට පෙර සිදු කරන බව මැතිවරණ කොමිසම පවසනවා.

ඉන් අනතුරුව පළාත්පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කිරීම සඳහා ග්‍රාම නිලධාරී මට්ටමින් ඡන්ද පත්‍රිකා සකස් කිරීම නොවැම්බර් මාසය අවසන්වීමට පෙර සිදුකිරිමට බලාපොරොත්තු වන බව කොමිසම විසින් සඳහන් කළා.

ඒ අනුව දෙසැම්බර් මාසය වනවිට පළාත්පාලන මැතිවරණයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කිරීමට හැකිවනු ඇති අතර පළාත්පාලන ආයතනවල කාලසීමාව පසුගිය මාර්තු මාසයෙන් අවසන් වූ අතර, එම කාලසීමාව වසරකින් දීර්ඝ කෙරුණා.

ඒ අනුව එම කාලසීමාව සම්පූර්ණවීමට ප්‍රථම මැතිවරණය පැවැත්වීමට අදාළ නිවේදනය නිකුත් කරන බව මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button