සීගිරිය බලකොටුවක් නොවේ.
සීගිරිය බලකොටුවක් නොවන බව පර්යේෂණවලින් තහවුරු වී ඇති බව සංචාරක අමාත්‍යංශය පවසනවා.
මහනුවර පැවති උත්සවයකට එක්වෙමින් සංචාරක අමාත්‍යංශ ලේකම් චූලානන්ද පෙරේරා මහතා ප්‍රකාශ කළේ එය උද්‍යානයක් ලෙස භාවිතා කර ඇති බවය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සංචාරක අමාත්‍යංශ ලේකම්වරයා,
“සංචාරක මධ්‍යස්ථානයක් හැටියට සීගිරිය මුළු ලෝකය ම දන්නවා. නමුත් සීගිරියේ හරි දේ ලෝකෙට යන්නේ නෑ. සීගිරිය ලෝක පූජිත සංචාරක සංස්කෘතික මධ්‍යස්ථානයක් ලෙස නම් කළත් ඒ පිළිබඳව හරි ක්‍රමවේදයක් නෑ. ඒ නිසා මේක හරි තත්ත්වයට දාන්නේ කොහොම ද කියන එක ගැන සාකච්ඡා කරන්න. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් සංස්කෘතික මධ්‍යස්ථානයත් යුනිසෙෆ් එකේ නිලධාරිනුත් හැමදෙනා ම ඒකරාශී වෙලා ඉතාමත් ම ධනාත්මකව සාකච්ඡාවක් පැවැත්වුණා.
අපි හැමදෙනා ම මේ සීගිරියට යනවා සීගිරිය බලකොටුවක් කියලා හිතාගෙන. සීගිරිය බලකොටුවක් වුණානම් ඔච්චර ලස්සනට හදලා ඔච්චර පොකුණු හදලා ඔච්චර ලස්සන මල්වතු හදලා තියෙන්නේ ඇයි. ඇත්තට ම සීගිරිය බලකොටුවක් නෙමේ සීගිරිය ලස්සන ලෙෂර් පාර්ක් එකක්. පේරාදෙණිය වගේ ම ලස්සනට විවේකයෙන් ඉන්න ඒ කාලේ තිබුණු ශ්‍රී වීභූතියත් එකක් රජතුමා හදපු ලෙෂර් පාර්ක් එකක්. එතන සම්පූර්ණ සාධයකයත් හමුවෙලා සනාථ වෙලා ඉවරයි.” එහි දී ලේකම්වරයා පැවසීය.