දේශීය

මන්ත්‍රී විමල්ට නොතීසි.

වෛද්‍ය වාර්තාවක් සමඟ ලබන 26 වන දා අනිවාර්යයෙන් අධිකරණයේ පෙනී සිටින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට කොළඹ මහාධිකරණය අද (13) නොතීසි නිකුත් කළා.

ඒ ඔහු අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කල වසර 5ක කාලය තුල වැටුපෙන් සහ දීමනාවලින් උපයාගත නොහැකි රුපියල් මිලියන 75කට ආසන්න මුදලක් සහ දේපලවල හිමිකාරිත්වය දැරීමේ චෝදනාව යටතේ අල්ලස් කොමිසම පවරා තිබූ නඩුව කැඳවූ අවස්ථාවේදීයි.

මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා දැනුම් දුන්නේ අසනීප තත්ත්වය හේතුවෙන් තම සේවාදායකයා අද අධිකරණය හමුවේ පෙනී නොසිටින බවයි.

ඒ අනුවයි ඊට අදාළ වෛද්‍ය වාර්තාවත් සමග පූර්ණ නඩු විභාගය ආරම්භ වන ලබන 26 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මහාධිකරණ විනිසුරුවරයා නොතීසි නිකුත් කරනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button