දේශීය
ශීඝ්‍රයෙන් දියුණු වුණ රට අරගළකරුවන් විනාශ කළා – ප්‍රසන්න රණතුංග

ඉතා ශීඝ්‍රයෙන් දියුණු වෙමින් පැවති රටේ ආර්ථිකය හා සමාජිය තත්ත්වය ඊනියා අරගළකරුවන් විසින් විනාශ කළ බව නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.
රට ගොඩ නැඟීමට පැවති සාර්ථක වැඩපිළිවෙළ විනාශ කළ අරගළකරුවන් මේ ආර්ථික විනාශයට සම්පූර්ණයෙන් ම වගකිව යුතු බවත් ඔහු අවධාරණය කළා.
එසේ ම පසුගිය රජය සමයේ රටේ ආර්ථිකය ගොඩ නැඟීමට පැවති සියලු සැලැසුම් කොරෝනා වසංගතය හා රුසියා යුක්‍රේන යුද්දය නිසා අත හැර දමන්නට සිදු බව යි ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරනවා.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, ඊයේ (03) අරලියගහ මන්දිරයේ පැවති ලෝක ජනාවාස දින සැමරුම් උත්සවයට සහභාගි වෙමින්.