දේශීය

තිරිඟු පිටි මිල ඉහළට

රජය විසින් පැනවූ සමාජ ආරක්ෂණ බද්ද හේතුවෙන් මෙරටට තිරිඟු පිටි ආනයනය කරනු ලබන සමාගම් රුපියල් 13කින් පිටි මිල ඉහළ දමා තිබෙනවා.

ඒ හේතුවෙන් ඉදිරියේ දී පාන් ගෙඩියක මිල රුපියල් 10කින් පමණ ඉහළ දැමීමට සිදු වන බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන සඳහන් කරනවා.

කෙසේ වෙතත්, ඊයේ (03)වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු තිරිඟු පිටි මිල රුපියල් 250 දක්වා අඩු කරන බවට ප්‍රකාශ කළා.

ඒ සමගම තිරිගු පිටි ආනයනය කරනු ලබන සමාගම් මෙලෙස මිල වැඩිකර ඇති බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන වැඩිදුරටත් කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button