විදෙස්
ඉම්රාන් ඛාන් යළි අත්අඩංගුවට ගැනීමේ සුදානමක්
පකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් යළි අත්අඩංගුවට ගැනීමේ සුදානමක් පිළිබඳ වාර්තා වෙනවා .
විදෙස් මාධ්‍ය සඳහන් කළේ, විදේශ අරමුදල් සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට පත්විය හැකි බවයි.
පකිස්ථානයේ ටෙහෙරීක් ඉ ඉන්සාෆ් පක්ෂයේ ක්‍රියාකාරීන් 3 දෙනෙකු අදාළ චෝදනාව හේතුවෙන් මේ වන විටත් අත්අඩංගුවේ පසුවන බව ද එම වාර්තාවල සඳහන්.
විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව නඩු පවරන්නැයි එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා නියෝගයක් ද නිකුත් කර ඇති බවයි.
ටෙහෙරික් ඉ ඉන්සාෆ් පක්ෂයේ ප්‍රධානියෙකු ෆෙඩරල් විමර්ශන ඒජන්සියේ සයිබර් අපරාධ අංශය අත්අඩංගුවට ගෙන ඇත්තේ, නීතිවිරෝධී අරමුදල් රැස්කිරීම සඳහා භාවිත කරන ‘අනවසර’ වෙබ් අඩවියක් පවත්වාගෙන යාමේ චෝදනාව මත බව විදෙස් වාර්තා සඳහන් කළා.