දේශීය

තිරිඟු පිටි මිල යළි පහළට

තිරිඟු පිටි මිල තවත් රුපියල් 25ක් අඩුකළ බව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

කෙසේ වෙතත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසන්නේ, බේකරි නිෂ්පාදනවල මිල අඩු නොකරන බවයි.

ගෙවුණු සතියක කාලය තුළ පිටි මිල රුපියල් 110 කින් අඩු වී තිබුණත් බේකරි නිෂ්පාදන තවමත් පෙර මිල ගණන්වලට අලෙවි වන අතර රුපියල් 290ක් ව පැවැති තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 265 ක් දක්වා අඩු වී තිබෙනවා.

මේ අතර ඇතැම් වෙළෙඳසැල් හිමියන් පාන් පිටි සහනය පාරිභෝගිකයන්ට ලබා නොදෙන බවට සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය චෝදනා කර සිටීනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button