විදෙස්

‘නාල්ගේ’ සුළි කුණාටුව පිලිපීනයට කඩා වදී

නාල්ගේ’ සුළි කුණාටුව නැගෙනහිර කැටන්ඩුවාන්ස් පළාතෙන් පිලිපීනයට කඩාවැදී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අද (29) අලුයම පැයට කිලෝමීටර් 160 වේගයකින් සුළි කුණාටුව කඩා වැදුණු බවයි.

කුණාටුවත් සමග ඇති වූ ගංවතුර සහ නායයෑම්වලින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 72 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාවක් පිලිපීනයේ දකුණු ප්‍රදේශයෙන් වාර්ථා වන අතර එම සංඛ්‍යාව 67 කි.

අපදාවන්ගෙන් තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 33ක් වන අතර තවත් පුද්ගලයින් 14ක් අතුරුදන් බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

කුණාටුව ලුසොන් දූපත හරහා දකුණු චීන මුහුද දෙසට ගමන් කරනු ඇතැයි එරට කාලගුණ අංශ සඳහන් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button