දේශීය

පළාත් පාලන මැතිවරණය නීතිපතිවරයාගේ උපදෙස්වලින් පසු

නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීමෙන් අනතුරුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

පළාත් පාලන ආයතන කොට්ඨාශ සීමා නිර්ණය සඳහා පත් කළ ජාතික කමිටුවේ ක්‍රියාකාරීත්වය හමුවේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ විධිවිධාන පිළිබඳව නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.

පසුගියදා රැස් වූ මැතිවරණ කොමිෂන් සභා රැස්වීමේ දී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති අතර එහිදි නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීමට මැතිවරණ කොමිසම තීරණය කළා.

පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වීම සඳහා මේ වන විට මැතිවරණ කොමිසමට නෛතික බලය හිමිව ඇතත් පසුගියදා පත් කරනු ලැබු පළාත් පාලන ආයතන කොට්ඨාශ සීමා නිර්ණ ජාතික කමිටුව හේතුවෙන් එම කටයුතුවලට බලපෑමක් එල්ල වී ඇති බව කොමිසමේ මතය වී තිබෙනවා.

කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීම අත්‍යවශ්‍ය කරුණක් බව මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් ජි.පුංචිහේවා මහතා සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button