දේශීය

මැණික් මල්ලක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

මැණික් යැයි සැක සිතිය හැකි පාෂාණ මල්ලක් සමඟ පුද්ගලයෙකු සැකපිට පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 27 හැවිරිදි වියේ පසුවන ගල්ලෑල්ල තමන්කඩුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

ඔහු සතුව තිබූ මෙම මල්ල තුළ තිබී මැණික් යැයි සැක සිතිය හැකි පාෂාණ 188ක් සහ මැණික් ගල් පරීක්ෂා කිරීමට භාවිත කරන උපකරණයක් පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කාර්තිවු පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button