දේශීය

විදුලි බිල නැවත වැඩිවෙයි ?

විදුලි ඒකකයක් උත්පාදනය සඳහා රුපියල් 56.90ක් වැය කිරීමට සිදුව ඇති බව විදුලිබල අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා.

මේ වනවිට විදුලි ඒකකයක් සඳහා පාරිභෝගිකයෙක්ගෙන් අයකරනු ලබන්නේ සාමාන්‍යයෙන් රුපියක් 29.14ක් බව ඔහු සඳහන් කළා.

එබැවින් වන පාඩුව දළ වශයෙන් රුපියල් බිලියන 423.5ක් බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියා.

මෙරට ගෘහස්ත විදුලි පාරිභෝගිකයින් 6.709,574ක් සිටින බව ද සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button