දේශීය

දෙඅත් ගැට ගැසූ මළසිරුරක් නම්බපානෙන් හමුවෙයි

ඝාතනය කළ බවට සැක කෙරෙන නාඳුනන පිරිමි‍ මළ සිරුරක් ඉංගිරිය – රත්නපුර මාර්ගයේ නම්බපාන කැටකැරැල්ල පාලම ආසන්නයේ කැලෑ ප්‍රදේශයක දමා ගොස් තිබියදී අද (15) පෙරවරුවේ හමුව තිබෙනවා.

මළ සිරුර වයස අවුරුදු 40 සහ 50 අතර පසුවන පුද්ගලයකුගේ බවට පොලීසිය සැක පළ කරනවා.

එම පුද්ගලයාගේ අත් දෙක බඳ පටියකින් සහ සුදු පාටට හුරු බැනියමකින් පිටුපසට කර ගැටගසා තිබී ඇති අතර කට ද ගැට ගසා තිබූ බව පොලීසිය පවසනවා.

උඩුකය නිරාවරණය වී තිබී ඇති අතර, එම පුද්ගලයා කළු පාටට හුරු කලිසමක් හැඳ සිටි බවට සඳහන්.

කිසියම් ප්‍රදේශයක දී ඝාතනය කර අද අලුයම් කාලයේ දී එම ස්ථානයට ගෙනත් දමන්නට ඇතැයි පොලීසිය සැක පළ කරනවා.

දින කිහිපයකට ඉහතදී එම ස්ථානය ආසන්නයේ තිබී මිනිස් අස්ථි කොටස් කිහිපයක් ද පොලීසියට හමුව තිබෙනවා.

ඉංගිරිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button