දේශීය

මැතිවරණ කොමිසමේ හදිසි සාකච්ඡාවක්

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දිස්ත්‍රික්ක නියෝජ්‍ය හා සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර සාකච්ඡාවක් අද(23) පවත්වා තිබෙනවා .

මැතිවරණ කොමිසම සදහන් කළේ අදාළ සාකච්ඡාව අද පෙරවරු 10ට මැතිවරණ කොමිෂන් සභා කාර්යාල පරිශ්‍රයේදී ආරම්භ වූ බවයි . 

මෙම සාකච්ඡාව සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් ද කැඳවා තිබුණා .

පළාත් පාලන මැතිවරණයට අදාළ කටයුතු පිළිබඳ එහිදී සාකච්ඡා කර තිබෙනවා .

එම මැතිවරණයට අදාළව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් සහ සහකාර තේරීම් භාර නිලධාරීන් පත්කරමින් මැතිවරණ කොමිෂන් සභාව ඊයේ ගැසට් නිවේදනයක් ද නිකුත් කළා .

පළාත් පාලන මැතිවරණයට අදාළ නාමයෝජනා කැඳවීමේ දිනය පිළිබඳ නිවේදනය ඉදිරි සතියේ නිකුත් කිරීමට නියමිතයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button