දේශීය

පොහොට්ටුව හා එ.ජා.ප.ය ඒකාබද්ධව කටයුතු කිරීමේ සූදානමක

ඉදිරියේදී ඒකාබද්ධව කටයුතු කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමග එකඟතාවට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනය කර තිබෙනවා .

එහි මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී සංජිව එදිරිමාන්න මහතා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් පැවති සාකච්ඡා සතුටුදායක මට්ටමින් අවසන් වු බව යි.

නව ලංකා නිදහස් පක්ෂය මෙවර මැතිවරණයට තනිව තරග කරන බව, එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ  කළේ, පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන පාඨලී චම්පික රණවක මහතා ද සිය පක්ෂය සමග සිටින බවයි .

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා පුළුල් සන්ධානයකින් තරග කිරීම පිළිබඳව සාකච්ඡා කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා .

පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වීමෙන් පසු අදහස් පළ කළ හිටපු පළාත් සභා මන්ත්‍රී හෙක්ටර් බෙත්මගේ මහතා ප්‍රකාශ කළේ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සමගි සන්ධානයක් ලෙස මෙම පළාත් පාලන මැතිවරණයට තරග කරන බවයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button