දේශීය

නුවරඑළිය – රදැල්ල කෙටි මාර්ගය ගැන ගත් තීරණය

නුවරඑළිය – රදැල්ල කෙටි මාර්ගයේ බර වාහන ධාවනය තාවකාලිකව තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා .

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා පැවසුවේ අධික බෑවුම් සහිත එම මාර්ගයේ අනතුරු ගණනාවක් වාර්තා වීම හේතුවෙන් එම පියවර ගත් බවයි .

පාසල් ළමුන් රැගත් බස් රථයක්, වෑන් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටීමෙන් ඊයේ (20) රිය අනතුරක් සිදුවූ අතර ඉන් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

සිසුන් 41ක් ඇතුළුව 53 දෙනෙකු එම අනතුරින් තුවාල ලැබූ අතර ඔවුන් නුවරඑළිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button