හිටපු බ්‍රිතාන්‍ය අගමැති යුක්‍රේනයට
බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් යුක්‍රේනයේ කියුව් අගනුවරට පැමිණ තිබෙනවා .
හිටපු අග්‍රාමාත්‍යවරයාව යුක්‍රේන ජනාධිපති වොල්මීයර් සෙලෙන්ස්කි විසින් පිළිගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා .
යුදමය හානි සිදුව ඇති ප්‍රදේශ මෙන්ම රුසියානු හමුදා මේ වන විට පසුබැස ඇති ප්‍රදේශයන් හි බ්‍රිතාන්‍යයේ හිටපු සංචාරකයක ද නිරත වී ඇති බව සඳහන්.
“රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අසමත් වන්නේ නම් එය යුක්‍රේනයට පමණක් නොව මුළු ලෝකයටම හොඳ කාලයක් වනු ඇති” බවට එම සංචාරයේ දී බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සිදුකළ ප්‍රකාශය මේ වන විට ලොව පුරා දැඩි කතාබහක් ද නිර්මාණය කර තිබෙනවා .
තමාගේ පාලන සමයේ මෙන්ම රුසියාව පරාජය කිරීමට ඕනෑම සහයෝගයක් ලබාදීමට බ්‍රිතාන්‍ය තවදුරටත් සුදානම් බව ද බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් එහිදි වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා .