දේශීය

කඩුවෙල මහ නගර සභාවේ ලේඛන රැසක් ආදාහනාගාරයක පුච්චලා

කඩුවෙල මහ නගර සභාවට අයත් වැදගත් ලිපි ලේඛන රැසක් ගැමුණුපුර කොතලාවල ආදාහනාගාරයේ දී ගිණිතබා විනාශ කොට ඇති බවට කරුණු වාර්තා වෙනවා.

මීට දින කිහිපයකට පෙර කඩුවෙල මහ නගර සභාවට අයත් ලොරි රථ දෙකක් මගින් මෙම ලිපි ලේඛන තොගය අදාල ස්ථානය වෙත ගෙන විත් ගිනි තාබා ඇති බවට කඩුවෙල මහ නගර සභාවේ මන්ත්‍රීවරයකු වන අසිත නිරෝෂන් මහතා පවසනවා.

දින තුන හතරක කාලයක් ගිණිගෙන දැවුන යැයි කියන මෙම ලිපි ලේඛන විනාශ කිරීම සම්බන්ධයෙන් ඉකුත් පළමුවෙනිදා පැවති මහ සභා රැස්වීමේදී පවා දැනුම් නොදුන් බව ඒ මහතා සඳහන් කරනවා.

කෙසේ නමුත් සභා අනුමැතියකින් තොරව රාජ්‍ය ආයතන කාර්‍ය පටිපාටියෙන් පරිබාහිරව ආයතනික  දේපල මෙලෙස විනාශ කර ඇත්තේ කුමන පදනමකින්ද යන්න මන්ත්‍රවරයා විමසා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button