දේශීය

අධිකරණය විසින් රාජ්‍ය ආයතන කිහිපයකට නොතීසි

2012 වසරේ ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සිය පෞද්ගලික ජංගම දුරකථනයේ බිල් වන රුපියල් දෙලක්ෂ තිස් දහසකට ආසන්න මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුදල්වලින් ගෙවිම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කොට අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා මාර්තු මස 09 වනදා කැදවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.

එම නඩුව අද (09) කැඳවූ අවස්ථාවේ දී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද යන විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියා.

එහිදී  විත්තිය විසින් ඉල්ලා සිටින ලේඛන ලබාදීමට පියවර ගන්නා ලෙස දන්වමින් අධිකරණය විසින් රාජ්‍ය ආයතන කිහිපයකට නොතීසි නිකුත් කළා.

ඉන් අනතුරුව වැඩිදුර පූර්ව නඩු විභාග සම්බන්ධනය මාර්තු මස 09 වනදා පැවැත්වීමටද අධිකරණය නියම කළා.

2012 වසරේ මැයි මස පළ වනදා සහ එම මස තිස් වනදා අතර කාලසීමාව තුළ ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිය පෞද්ගලික ජංගම දුරකථනයේ බිල වන රුපියල් දෙලක්ෂ තිස් දහසකට ආසන්න මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අරමුදල්වලින් ගෙවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව එම නඩුව ගොනුකර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button