විදෙස්

ජපන් වෙරළට අබිරහස් වස්තුවක් ඇවිල්ලා

විශාල, මීටර් 1.5 ක විෂ්කම්බයකින් යුත් ගෝලාකාර වස්තුවක් ජපන් වෙරළකට ගසාගෙනවිත් තිබෙනවා.

මෙම ගෝලාකාර වස්තුව ලෝහවලින් නිර්මාණය වූවකි. එය කුමක්දැයි තහවුරු කර ගැනීමට අපොහොසත් වී ඇතැයි ද වාර්තා වෙනවා.

ගෝලාකාර වස්තුව ගොඩගසා ඇත්තේ හමමට්සු නගරයට අයත් වෙරළටය. මේ වනවිට එම වෙරළට යෑම ජනතාවට තහනම් කර ඇති අතර, වස්තුව ඇති ස්ථානයට පොලිස් නිලධාරීන් ද යොදවා තිබෙනවා.

එක්ස් රේ පරීක්ෂණ අනුව ලෝහ වස්තුව පරීක්ෂා කළ අවස්ථාවේ දැනගන්න ලැබී ඇත්තේ ඒ තුළ කිසිවක් නොමැති බවය. එය මුහුදේ පාවෙමින් ආ බෝම්බයක් යැයි ද සැකයක් පැවතුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button