විදෙස්
සමලිංගික පෙළපාලියකට එක් වූ අගමැති
ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බර්නීස් සිඩ්නි සමලිංගික පෙළපාලියකට සහභාගි වී තිබෙනවා.
ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයෙකු සමලිංගික පෙළපාලියකට සහභාගී වූ පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ.
12,000කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් ඔස්ට්‍රේලියාවේ ඔක්ස්වර්ඩ් වීදියේ එම පෙළපාලිය පවත්වා තිබූණා.
කොවිඩ් සීමා කිරීම් හේතුවෙන් 2019 වසරෙන් පසුව ඔස්ට්‍රේලියාවේ මෙවැනි පෙළපාලියක් පැවැත්වූ පළමු අවස්ථාව මෙය වේ.
ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බර්නීස් ප්‍රකාශ කර ඇත්තේ, මෙය නූතන ඔස්ට්‍රේලියාවේ සැමරුමක් ලෙසයි.