විදෙස්

කොරෝනාවට සමාන වෛරසයක් ඉන්දියාවේ

කොවිඩ් 19 වෛරසයට සමාන, උණ සෙම්ප්‍රතිෂ්‍යා වෛරසයක් ඉන්දියාවේ ප්‍රාන්ත කීපයක පැතිර යමින් පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

තද උණ, හිසරදය සහ කල්පවතින කැස්ස මෙම වෛරසයේ ප්‍රධාන රෝග ලක්ෂණ බවයි ඉන්දීය සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

මෙම වෛරසය ආසාදනය වූවන් වැඩි වශයෙන් වාර්තාවීමත් සමගයි ඉන්දීය සෞඛ්‍ය අංශ ඒ සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදුකර ඇත්තේ.

එහිදී මෙලෙස ව්‍යාප්ත වන්නේ ඉන්ෆ්ලු‍වෙන්සා වෛරස් කාණ්ඩයට අයත් එච් 3 එන් 2 උප ප්‍රභේදය බවට හඳුනාගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button