දේශීය

රාජ්‍ය වෙසක් උත්සවය පුත්තලමට

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පුත්තලම දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට අවධානය යොමුව ඇතැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසනවා.

වෙසක් පූර්ව වැඩසටහන්, වෙසක් සතිය තුළ ක්‍රියාත්මක රාජ්‍ය වෙසක් දින උත්සවය සහ වෙසක් පෝය දින වැඩසටහන් පිළිබඳව නිලධාරීන් සමග සාකච්ඡා කළ බව ද ලේකම්වරයා සඳහන් කළා.

ඒ අනුව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය, පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ තවත් රාජ්‍ය ආයතන ගණනාවක් මෙම වැඩසටහනට එක්ව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button