දේශීය

තැපැල් ඡන්දය කල් යයි

එළඹෙන අප්‍රේල්  25 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද සලකුණු කිරීම, පෙර ප්‍රකාශයට පත් කර තිබූ දිනවලදී සිදු නොකෙරන බව මැතිවරණ කොමිසම නිවේදනය කරනවා.

ඒ අනුව මාර්තු 28, 29, 30, 31 හා අප්‍රේල් 03 යන දිනවලදී සිදුකිරීමට සැලසුම් කර තිබූ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු එදින සිදු නොවන බව සඳහන් .

මීට අමතරව පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ඉදිරි කාලයේ තීරණයකට එළඹෙනු ඇති බවද කොමිසම නිවේදනය කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button