දේශීය

ඇමති කංචන හා ඉන්දීය නියෝජිතයින් අතර හමුවක්

විදුලි බල සහ බලශක්ති අමාත්‍ය, කංචන විජේසේකර මහතා සහ ඉන්දීය නියෝජිතයින් පිරිසක් අතර හමුවක් සිදුව තිබෙනවා.

බලශක්ති අමාත්‍යංශය ප්‍රකාශ කළේ, මෙම හමුවේදී මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා පිළිබඳ සාකච්ඡා කළ බවයි. 

මෙරටට පැමිණ සිටින ඉන්දියානු බලශක්ති ක්ෂේත්‍රයේ විශේෂ නියෝජිතයින් පිරිසක්  වන ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ, ඉන්දියන් ඔයිල් සමාගමේ සභාපතිවරයා යන අය සහභාගී වූ බව සඳහන්.

ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම, තෙල් සහ ගෑස් ගවේෂණය සහ පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව එහිදී සාකච්ඡා කර තිබෙනවා .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button