ක්‍රීඩා

ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර අද (02) පැවැති පන්දුවාර විස්සයි විස්ස පළමු තරගය කණ්ඩායම් දෙකෙහිම ලකුණු සම තත්ත්වයට පත්වීම හේතුවෙන් සුපර් ඕවරය ක්‍රීඩා කිරීමට සිදුවුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තීරණාත්මක පන්දු ඕවරය මහීෂ් තීක්ෂණ විසින් යැවූ අතර එහිදී නවසීලන්ත කණ්ඩායම කඩුලු දෙකක් දැවී රැස්කළේ ලකුණු 8ක් පමණි. 

ජයග්‍රහණය ට අවශ්‍ය ලකුණු  9 පන්දු 3ක් තුළදී ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්ත සංචාරයේදී සිය පළමු ජය වාර්තා කළා.

තරගයේ කාසියේ වාසිය නවසීලන්ත කණ්ඩායමේ නායකයා දිනාගත් අතර ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට ආරාධනා කළා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 196ක් රැස් කළ අතර
ඉලක්කය හඹා ගිය නවසීලන්ත කණ්ඩායමත් නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 196ක් රැස්කළා.

ලකුණු සමවීම හේතුවෙන් ජයග්‍රහණය තීරණය වූයේ සුපර් ඕවරයෙන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button